Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනය ජනපති අතින් ජනතා අයිතියට  

Add comments

ශ‍්‍රී ලාංකීය කලාකරුවන්ගේ උන්නතිය උදෙසා මහනුවර කුණ්ඩසාලේ ඉදි කෙරුණු ජාතික කලා නිකේතනය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

රුපියල් මිලියන 465 ක මුදලක් වැය කොට ඉදි කර ඇති මෙම ජාතික කලා නිකේතනය තුළ සියයකට අධික පිරිසකට නවාතැන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

එළිමහන් රංග ශාලාවක් සහ පෙරහුරු ශාලා දෙකකින් ද සමන්විතවන මෙම ජාතික කලා නිකේතනය අක්කර පහක භූමි භාගයක ස්ථාපිත කොට ඇති අතර ලංකාවේ ඉදිවූ ජාතික මට්ටමේ එකම කලා නිකේතනය ලෙස ද හැඳින්වෙයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මෙම ජාතික කලා නිකේතනය පාසල් අධ්‍යාපනය නිමා කළ තරුණ තරුණියන් සහ කලාකරුවන් වෙනුවෙන් පුහුණු පාඨාමාලා පැවැත්වීමට යොදා ගැනීමට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර ජාතික කලා නිකේතනය විවෘත කළ ජනාධිපතිතුමා එහි සමරු ග‍්‍රන්ථයේ විශේෂ සමරු සටහනක් ද තැබීය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනිය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG