Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් සොයා මෙහෙයුමක්  

Add comments

උතුරු තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් සොයා තායිලන්ත නාවික හමුදා අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම කණ්ඩායමේ පිරිමි දරුවන් 13 දෙනෙකු සහ පුහුණුකරුයි මෙලෙස තායිලන්තයේ චියෑන්රායි ප්‍රදේශයේ ගුහාවක සිරවී සිටින්නේ.

චියෑන්රායි ප්‍රදේශයට මේ දිනවල පවතින ධාරාණිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගුහාව තුළට ගොස් සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට එම ප්‍රදේශයේ මීටර් 5ක් පමණ ගංවතුර පවතිනවා. මෙම ගුහාව සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ ගුහාවක් වන අතර කිලෝ මීටර ගණනාවක් දිගට මෙම ගුහාව පැතිර පවතිනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG