Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නඩු විභාගයෙන් විනිසුරුවරුන් ඉවත්වීම පිළිබද සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්  

Add comments

දුම්කොළ විරෝධී ජාතිකදින උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී අද (07) පෙරවරුවේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූසෞඛ්‍ය අමාත්‍යවරයා –

“දුම්කොළ භාවිතය අවම කිරීම ගැන කථා කිරීමට වඩා ක්‍රියා කිරීම ඉතාම වැදගත්. වසර ගණනාවක් අපි කථා කළා.ඖෂධ මිල අඩු කිරීම, දුම්වැටි පාලනය ගැන කථා කළත් සක්‍රීයව සහ දැඩි තීන්දු තීරණගත්තේ නැහැ. දුම්කොළ ඇතුලු බෝනොවන රෝග වලින් ලොව පුරා ජනතාවට ඇතිවන රෝග සදහාඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3 ක් ප්‍රතිකාර කිරිමට වාර්ෂිකව වැය කරනවා. ලෝව පුරාදුම්කොළ සමාගම් මත බදු පනවමින් රටවල් වාර්ෂිකව අයකර ගන්නා බදු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 249 ක්. ඒ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුවයි. නමුත් මේ පිළිබදවලොව පුරා සෞඛ්‍ය අමාත්‍යවරුන් අවධානය යොමු කර නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙබ්අඩවියක මාධ්‍ය වේදිනියක් පමණක් මෙම තොරතුරු විශ්ලේෂණය කරමින් ලිපියක් ලියා තිබුනා.එහි අවසානයේ සදහන් වුයේ එහෙනම් අපේ සෞඛ්‍ය අමාත්‍යවරයා වීරයෙක් නොවේ ද යනුවෙනි.”

“දුම්කොළ විරෝධී සටනේමුල්ම පනත ගෙනඑනු ලැබුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා විසින්.ඒ පොදු ස්ථානවල දුම්බීම නතර කිරිමටයි. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුනත් එම පනතටසහයෝගය ලබාදුන්නා. එම පනතට දුම්කොළ සමාගමෙන් දැඩි බලපෑම් පැමිණියා. හිටපු සෞඛ්‍යඅමාත්‍ය වත්මන් ජනාධිපතිවරයා සිගරට් පැකට්ටුවේ සියයට 80 රූපමය අවවාද ඇතුලත් කිරීමටසුදානම් වුවත්, ඊට පසුගිය රජය ඉඩ ලබාදුන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය සංදේශය ඉදිරිපත්කළ දින කැබිනට් මණ්ඩලයේ දී හිටපු ජනාධිපතිවරයා ඊට දැඩි ලෙස විරෝධය පළ කළා.දුම්වැටි තහනම් කිරිම සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් බව හිටපුජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් හිටපු ජනාධිපතිවරයාට අභීයෝග කිරීමට හිටියේ කිහිපදෙනෙකු පමණයි. ඒ අයට ආත්ම ශක්තිය ලැබුනේ වමේ ව්‍යාපාරයෙන්. නමුත් වර්තමානයේජනාධිපතිවරයා දැඩිලෙස විවේචනය කරනවා. අද වීරයෝ වැඩියි. එදා විරයේ හිටියේ කිහිපදෙනයි. පාරේ යන එක්කෙනත් අද ජනාධිපතිවරයාට අභියෝග කරනවා. මම කැබිනට් මණ්ඩලරැස්වීමේ දී නොබියව ප්‍රකාශ කළා මෙම යෝජනාවෙන් දුම්වැටි තහනම් නොකරන බව. හිටපුජනාධිපතිවරයා අසාධාරණ විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා යටපත් කළා.”

“අද සමහරු සමාජය ඉදිරියේ වීරයෝ වගේ කථා කරනවා. අපේ රජයේ වැරදි කියමින්. ඒකට ජනමාධ්‍ය යත් සහයෝගය ලබාදෙනවා.ඔවුන් දන්නේ නැහැ රට තිබුණ හැටි. නමුත් වත්මන් රජය යටතේ මම අනපනත් ඉදිරිපත් කරනවිට ජනාධිපතිවරයා සහයෝගය ලබාදෙනවා. එදා සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්කොළ සමාගම ඉදිරිපිටදී හිටපු ජනාධිපතිවරයා විසින් විත්තිකූඩුවේ නැංගුවා. නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිය කතා කලේ නැහැ. විත්ති කූඩුවට වෙලා හිටියා. මේ රටේ නීති රීති රැසක් සකස් කරලා තිබෙන්නේ ඔය ඔබලා බනින දේශපාලනඥයින් විසින්. එම නීති රීති තමයි ක්‍රියාත්මකකරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව හදන නීති නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් අර්ථකථන ලබාදීමට පමණයි. පාර්ලිමේන්තුව ගන්නා වූ තීන්දුවක් අභිබවා යාමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉඩක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුවක් අභිබවා යන්න පාර්ලිමේන්තුවට පුළුවන්. හිටපු ජනාධිපතිවරයා දුම්කොළ සමාගම සමග සාකච්ඡා කර එම යෝජනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ 80% රූපමය අවවාද තීන්දුව බාල්දු කරමින් දුමිකොළ සමාගම ජය ගත්තා. පාර්ලිමේන්තුවත් බාල්දු වුණා. නමුත් අද ශ්‍රේෂ්ඨාධිකරණය කේසර සිංහ ලීලාවෙන් කටයුතු කරනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඊලග නඩු විභාගය නොවැම්බර් මාසය දක්වා කල් දමලා. විනිසුරුවරුන් 04 දෙනෙකු නඩු විභාගයෙන් ඉවත් වෙලා.නමුත් ලෝකයේ නඩුවක් විභාග කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් විනිසුරුවරුන් ඉවත් වුණේ කියුබාවේ සිටි මාෆියා නායකයා අධිකරණයට ගෙන එන විටයි. එලෙස ඉවත් වුයේ මරණ බියහේතුවෙන්. නමුත් අපේ රටේ විනිසුරුවරුන් 04 ක් ඉවත් වුණේ මොන බිය නිසා ද? එයයි යථාර්ථය. පසුගිය ජනාධිපතිවරණයේ දී 80% රූපමය අවවාද දින 100 තුල ඉදිරිපත් කරනබවට අපි පොරොන්දු වුණා. එය ඉටු කළා. රූපමය අවවාද 80% පැනවීම මීට පෙර සිදු කළේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගත් පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි. නමුත් පසුගිය රජයේ තින්දු තීරණ නිසා එය සිදු කරන්න බැරි වුණා. ”

මෙහිදී විශේෂඥ වෛද්‍යඅනිල් සමරනායක මහතා විසින් ලියන ලද දුම්වැටියෙන් බිදෙන හදවත් නැමැති කෘතිය සෞඛ්‍යඅමාත්‍යවරයාට පිරිනැමීම ද සිදු විය.

මෙම අවස්ථාවට පූජ්‍යඇල්ලේ ගුණවංශ හිමියන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික දුම්කොළ සහ දුම්වැටි පිළිබද ජාතික අධිකාරියේසභාපති වෛද්‍ය පාලිත අබේකොන්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුලු විශාල පිරිසක්එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG