කුමන බාධා පැමිණියත් ලබන වසර අවසන් වන විට උදාගම්මාන 2500 ක් ඉදිකිරීමේ ඉලක්කය සපුරාලන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැදවච්චිය තුරුණුගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මැදවච්චිය ඉහළගල්කන්දේගම තුරුණුගම උදාගම්මානය ඉදිකෙරුණේ 77 වන ආදර්ශ ගම්මානය ලෙසයි. සැමට සෙවණ යළි පිබිදෙමු උදාගම්මාන වැඩසටහන යටතේ එහි ඉදිකිරීම් සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 166 ක්. එය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරුන් වන පී හැරිසන් හා චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම් ජී ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රජා වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර තිබුණා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
Post a Comment