Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ ගමන් බලපත්‍රවල හිඟය මාස දෙකකින් අවසන්  

Add comments

දැනට පවතින සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍රවල හිඟය මාස දෙකකින් මඟහැරෙනු ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.

පෙරේ දා (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් අලුතෙන් අනවුම් කළ යුතු බවට ඉදිරිපත් කළ යෝජනාවක් එහිදී අනුමත වී තිබෙනවා. ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කිරීම සඳහා වන කටයුතු අද (28) ආරම්භ කළ බවයි රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

එම ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ”සියලුම රටවල් සඳහා” යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පැවසී ය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG