Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී රැකියා ඒජන්සියක් වටලයි  

Add comments

කුලියාපිටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සියක් වැටලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත් වුණා. විදෙස් ගමන් බලපත්‍ර 49ක් සමග ඊට සම්බන්ධ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව නීති විරෝධී ලෙස මෙම ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇත්තේ සැකකරුගේ නිවසේයි.

මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මැදපෙරදිග රටවල රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් සැකකරු ජනතාවගෙන් මුදල් ලබා ගෙන ඇති බවද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG