Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිපැන්නට පැන්න ඇමති තෙවරප්පෙරුම  

Add comments

වැලිපැන්න ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පැවති අවස්ථාවක ඒ පිළිබද සොයා බලා ඊට පිළියම් යෙදීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කටයුතු කළා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසලින් ගමන් ගනිමින් සිටියදී ඒ අසළ දැඩි රථවාහන තදබදයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට දැකගත හැකි වුණා. එම අවස්ථාවේ ඒ පිළිබද සොයා බැලූ නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනගැනීමට හැකිවූයේ වැලිපැන්න හුවමාරුවේ එක් කවුළුවක් වසා දමා ඇති බවයි. වහා ක්‍රියාත්මක වූ පාලිත තෙවරප්පෙරුම මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ එය කඩිනමින් විවෘත කර මහජනතාවට සේවය සලසන ලෙසයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG