
බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.දිවයිනේ බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 40-50පමණ) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරයහරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැක.පුත්තලම සිට මන්නාරම දක්වාත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වාත් එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Post a Comment