Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උඳු ආනයන බද්ද ඉහළට  

Add comments

ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.අතිරේක ආහාර භෝග කාණ්ඩයට අයත් වන ප්‍රධාන ආහාර භෝගයක් වන උඳු ආනයනය කිරීම සීමා කිරීමටත් ඒ සඳහා පැවැති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමටත් පසුගියදා රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කොට තිබේ.

දේශීය උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීම මෙහි මූලික අරමුණ වන අතර දැනට ගොවීන් සතුව පවතින උඳු තොග සඳහා වැඩි මිලක් ලබා ගැනීමටද  ඔවුන්ට මේ නිසා හැකියාව ලැබෙනවා.

දිවයිනේ උඳු වගාකරන ප්‍රධාන දිස්ත්‍රික්කයන් ලෙස අනුරාධපුරය, මුලතිව්, සහ වව්නියාව හැඳින්වෙන අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු නිෂ්පාදනය මෙට්ට්‍රික් යොන් 11,000ක් පමණ වේ.‍ මෙය සමස්ත උඳු නිෂ්පාදනයෙන් 85%කි. මහ කන්නය තුළ උඳු වගාකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 16,000ක් පමණ වනවා.

මෙරට නිෂ්පාදනය කෙරෙන ආහාර භෝග වර්ග පිටරටින් ආනයනය කිරීම ඉදිරියේදී මුලුමනින්ම නතර කිරීමත් දේශීය අවශ්‍යතාව රට තුළින්ම නිපදවා ගැනීමත් රජයේ අරමුණ වී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG