ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන facebook පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක් පවතිනවා. මෘදුකාංග මකුණෙකුගේ බලපෑමක් ඊට ඇතිව තිබෙන බව facebook ආයතනය පෙන්වා දෙනවා.
පරිශීලකයින් තම මිතුරන් සදහා පමණක් යොමුකරන සටහන් ඕනෑම අයෙකුට දැකගත හැකිවීම මෙම අවදානමේ විශේෂත්වයයි. පසුගිය මැයි 18 වනදා සිට 22 වනදා දක්වා facebook හි තම පිටුවල සිදුකළ ඉදිරිපත් කිරීම්වලට පමණක් මෙය බලපාන බව facebook ආයතනය සදහන්කර තිබෙනවා. ඒ අනුව facebook භාවිත කළ මිලියන 14කට මෙම බලපෑම එල්ලවී ඇති බව පැවසෙනවා.
Post a Comment