
බලංගොඩ ,ඉඹුල්පේ ,නියදගල රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර සියයක පමණ භූමි ප්‍රදේශයක් විනාශයට පත්වුණා.
පැවති වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සදහා පොලිසිය ,වන සංරක්ෂණ නිලධාරීන් ඇතුළු පිරිස් කටයුතු කළා. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Post a Comment