Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීල ජාතිකයින් ගිල දැමූ කොකේන් ගුලි 153 ක් එළියට ගනී  

Add comments

කොකේන් ගිල මෙරටට පැමිණි සැකකරුවන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි 153 ක්  සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.පළමු සැකකරු ගිලින ලද කොකේන් ගුලි 88ක් පළමුව සොයා ගැනුණා.

දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65 ක්  සොයාගත් අතර මෙම සියල්ලෙහි බර කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 400ක් පමණ වනවා. එහි වටිනාකම රුපියල් මිලියන 35 ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට මීගමුව රෝහලේ රදවා සිටිනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිලිබද වැඩිදුර පරීක්ෂන පවත්වනවා. දෝහා කටාර් සිට පැමිණී මෙම බ්‍රසීල ජාතික සැකකරුවන් දෙදෙනනා අත්අඩංගුවට ගැනුණේ ඊයේ පෙරවරුවේයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG