
මෙක්සිකෝවේ ජනාධිපතිවරණය , පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ පැවැත්වුණා. ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ එම මැතිවරණ පැවැත් වූ බවයි මෙක්සිකෝ වාර්තා සදහන් කරන්නේ. මෙවර ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 88ක පිරිසක් සුදුසුකම් ලබා සිටියා. නව ජනාධිපතිවරයකු මෙන්ම සෙනෙට් සභිකයින් 128 දෙනකු සහ නියෝජ්‍ය කොංග්‍රස් සාමාජිකයින් 500 දෙනෙකු මෙම මැතිවරණයෙන් තෝරා ගැනීමට නියමිතයි. පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ මෙක්සිකෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ඡන්ද අපේක්ෂකයින් සහ දේශපාලන සහායකයින් 130 දෙනෙකු පමණ ඝාතනය වි තිබෙනවා.
Post a Comment