
රට ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා මෙම වසර දෙක වෙනුවෙන් රුපියල් බිලියන 160 ත් 200 ත් අතර මුදලක් වෙන් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මහනුවර පන්විල ප්‍රදේශයේ පැවති වතු කම්කරු ජනතාව වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
කඩා වැටුණු ආර්ථිකය 2015 වසරේ සිට ක්‍රමානුකූලව ගොඩනැගූ ආකාරයට ඉදිරි වසරවලදීත් ක්‍රියා කරමින් ජනතාවට සහන රැසක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා.
Post a Comment