Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කණ්ඩලම වැවට තරුණයෙකු බිළි – බීමතින් දිය නෑ 16 ක් අත්අඩංගුවේ  

Add comments

නොසැලකිලිමත්කම සහ දුර දිග නොබලා කටයුතු කිරිම හේතුවෙන් බොහෝ තරුණයින්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා බොහෝමයි. එවැනි තවත් සිදුවීමක් කණ්ඩලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

විනෝද චාරිකාවක් සදහා කණ්ඩලම ප්‍රදේශයට ගිය තරුණයින් පිරිසක් කණ්ඩලම වැවේ දිය නෑමට ගොස් තිබෙනවා. බීමතින් සිටි බව කියන මෙම පිරිස දිය නෑමට තහනම් ස්ථානයකින් කණ්ඩලම වැවට බැස ඇති බවයි වාර්තා වන්නේ. බීමතින් සිටි පිරිස විනෝදවෙමින් එක්අයෙකු වැවට දමා ඇති අතර එම තරුණයා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බීමතින් සිටි මිතුරා වැවට දැමු කිහිපදෙනෙක් ඇතුළු තරුණයින් 16 දෙනෙකු දඹුල්ල පොලිසිය සැක පිට අත්අඩංගුවට ගත්තා. මෙම සිද්ධිය වාර්තා නොකරන ලෙස ඔවුන් මාධ්‍යෙව්දීන්ට ප්‍රහාර දීමටද උත්සාහ කර ඇති බව වාර්තා වනවා.

මේ අතර තරුණයින් පිරිස රෝහල් සේවකයන් සමගද ගැටුමක් ඇති කර ගෙන තිබෙනවා. පොලිසිය මැදිහත් වීමෙන් එය සමථයකට පත් කෙරුණා. දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වු තරුණයාගේ වයස අවුරුදු 21 ක්. උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි අයෙක්.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG