
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කට අයත් ගම්මාන 655 ක සිදුකර ඇති සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පත්කිරීම සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති දියත් කෙරෙන්නේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේයි. පැවති සෑම රජයක් යටතේම පොළොන්නරුව ඌන සංවර්ධනයට ලක්වූ දිස්ත්‍රික්කයක් බවට පත්වුණා. වත්මන් රජය බලයට පත්වන විට එම ප්‍රදේශයේ ජනතාවගේ නොවිසදුන ගැටලු රැසක් පැවතුනා. වකුගඩු රෝගීන් බහුලවීම, කෘෂි කර්මාන්තයට ජලය සපයා ගැනීම සහ පිරිසිදු පානීය ජලය නොමැතිවීම ඒ අතුරින් ප්‍රධානයි. අධ්‍යාපන, සෞඛ්‍ය, මාර්ග, යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක අඩුපාඩු ද ඒ අතර වුණා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන දියත් කළේ මේ ගැටලු සදහා කඩිනම් විසදුම් ලබාදීම සදහායි. ඒ අනුව පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සහ රේඛීය අමාත්‍යාංශ ,පළාත් සභාව මගින් මේ වනවිට සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 60,000 ක්. අධ්‍යාපන කලාප තුනක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන්. ක්ෂේත්‍ර 18 ක් ඔස්සේ මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර පාසල්, ආගමික ස්ථාන මාර්ග ප්‍රතිසංස්කරණ, පුරා විද්‍යාත්මක ස්ථාන සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
අප් සවුන්ඩ් – රංජිත් ආරියරත්න – දිස්ත්‍රික් ලේකම්-පොළොන්නරුව,
එහිදී හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපය ගුවන් හමුදාව යටතේත්, දිඹුලාගල අධ්‍යාපන කලාපය නාවික හමුදාව යටතේත්, පොළොන්නරුව අධ්‍යාපන කලාපය යුද හමුදාව යටතේත් සංවර්ධනය කරනවා.
අප් සවුන්ඩ් – මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ – ව්‍යාපෘති අධ්‍යක්ෂ-පිබිදෙමු පොළොන්නරුව,
මෙම සංවර්ධන වැඩපිළිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 112 ක් ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන්. මේ වන විට ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත්කිරීමට නියමිත ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 20,000 කට ආසන්නයි. මේ යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පමණක් තෙමහල් පන්ති කාමර සහිත ගොඩනැගිලි 13 ක්, දෙමහල් පන්ති කාමර සහිත ගොඩනැගිලි 26 ක් සිසු අයිතියට පත් කෙරෙනු ඇති. තනි මහලේ ගොඩනැගිලි 29 ,විද්‍යාගාර, සෞන්දර්යය ඒකක ද මෙම නව ඉදිකිරීම් අතර වනවා.
මාර්ග සංවර්ධනය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ කිලෝ මීටර් 378.67 ක දුරක් ප්‍රධාන මාර්ග සහ ග්‍රාමීය මාර්ග පද්ධතිය නවීකරණය කෙරෙනවා. ඒ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 16,000 ක්. මෙ වසර අවසන් වන විට පොළොන්නරුව දිස්ත්‍රික්යේ සංවර්ධන කටයුතු සදහා රුපියල් බිලියන 30 ක මුදලක් වෙන්කර තිබෙනවා. මේ පිළිබද තවත් තොරතුරු අප ඔබවෙත ගෙනඒමට සූදානම්.
Post a Comment