Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයන්  

Add comments

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වඩා සුදුසු වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා හෝ චමල් රාජපක්ෂ මහතා  බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

වෙබ් අඩවියක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මාධ්‍යට කිසිවක් හෙළි නොකළ යුතු බවට  ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ගෙන තිබූ තීරණය ඉවත දමමින්.

පා.ම  වාසුදේව නනායක්කාර,

කෙසේ වෙතත්  ගෝඨාභය රාජපක්ෂ මහතා පසුපස සිටින බලවේගය ඉතා භයානයක බවත් ඔවුන් සූදානම් වන්නේ මිලිටරි ආණ්ඩුවක් ගොඩනැගීමට බවත් අවස්ථා ගණනාවකදී  වාසුදේව නනායක්කාර මහතා පෙන්වා දී තිබුණා.  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද යලි හිට්ලර් පන්නයේ පාලනයක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කරමින්  ඊට එරෙහිව  සිය ජීවිත පූජාවෙන් වුවද කටයුතු කරන බව කියා සිටියා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG