Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තුන්දෙනෙකු ජිවීතක්ෂයට  

Add comments

ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් කුඩා දැරියක ඇතුළු  තුන්දෙනෙකු ජිවීතක්ෂයට පත් වුණා. පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේදී අවිස්සාවෙල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවට ගමන් කළ පා පැදියක ගැටී අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයකද ගැටී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු  හෝමාගම රෝහලට ඇතුලත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු තිස්අටක් වූ ඔහු හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පලෙයි අයියකච්චිය වංගුව අසලදී සිදු වු අනතුරකින් වයස අවුරුදු හතරක් වු කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු ව ඇත්තේ. යතුරුපැදිකරු  එහි පසුපස ගමන්ගත් කාන්තාවක සහ දරුවන් ‍දෙදෙනෙකු අනතුරින් බරපතල තුවාල ලැබුවා. යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරයි කුඩා දැරිය ජීවිතක්ෂයට පත්වුණේ.

මේ අතර මහියංගනය ප්‍ර දේශයේදී යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අනතුරක් සිදු තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවීතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.  ඔහුගේ වයස අවුරුදු හැට පහක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG