Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රියදුරුගේ නින්ද 19 දෙනෙකු රෝහලට යවයි  

Add comments

මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වූ බස් රථයකුයි මෙසේ අනතුරට ලක්වුණේ.

පූනෑව නාවික හමුදා කදවුර අසලදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුළත් කළ අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.  බස් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG