
ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව,මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ජුලි මස 24 වන දින සිට ජුලි මස 26 වන දින දක්වා කාලයේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3.0 – 3.5 ක් පමණ (මෙය ගොඩබිම ට පැමිණෙන රළ උස නොවේ.) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වනවෙරළබඩ ප්‍රදේශවල මුහුද රළු වන අතර මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් (විශේෂයෙන් වඩදිය පවතින විටදී) පවතී.දිවයිනට නැගෙනහිරින් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇතිවිය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.පුත්තලම සිට මීගමුව,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවීමේ හැකියාව පවතී.මේ නිසා එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
Post a Comment