
කහවත්ත කොටකෙතන ද්විපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි දෙවන විත්තිකාරිය චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ ඇයට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්. 2012 වසරේ දී කොටකෙතන ප‍්‍රදේශයේ පනස් දෙහැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය ඝාතනය කිරිම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔවුන් මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. පළමු විත්තිකරුට එරෙහි නඩු විභාගය යළිත් නොවැම්බර් පළමු වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
Post a Comment