Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

Add comments

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.පුත්තලම සිට මීගමුව,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාව පවතී.මේ නිසා එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG