Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණයෙන් 60 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු ඉන්දියාවට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් හැට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සිට නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ සමග ප්‍රදේශ කිහිපයක නායයාමේ සිදුවීම්ද වාර්තා වුණා. මාර්ග  ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලටද දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඉදිරි සතිය තුළද වැසි සහිත කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අගවා ඇත්තේ. ඒ හේතුවෙන් දින කිහිපයක් පාසල් වසා තැබීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. උත්තර් ප්‍රදේශ් අග්‍රා යන ප්‍රදේශවලට අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG