
34 වන සරසවි සම්මාන උළෙල සදහා මේ වන විට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.
ලබන මස 03 වනදා බණ්ඩාරනායක සම්ම්න්ත්‍රණ ශාලාවේදී සරසවි සම්මාන උලෙළ පැවැත්වීමට නියමිතයි. මෙවර සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන සරසවි සිනමා සතිය කොළඹ රීගල් සිනමා ශාලාවේදී ඊයේ අවසන් කෙරුණා. 2016 /2017 වර්ෂවලදී වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට 04 ක් මෙහීදී ප්‍රදර්ශනය කෙරුණු අතර ධර්ම යුද්ධය චිත්‍රපටයයි අවසන් දිනයේ ප්‍රදර්ශනය කෙරුණේ. මෙම අවස්ථාවට සරසවි ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ව සිටියා. මෙම සම්මාන උලෙළ සදහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි.
Post a Comment