Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රේගු නිලධාරීන් හතර දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් 21  

Add comments

රුපියල් කෝටි දොළහයි දශම පහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රේගු නිලධාරීන් හතර දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතන හිමිකරුවෙකුගෙන් මෙම මුදල් ලබා ගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසම චෝදනා 14 ක් යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සදහා කෝටි පහළොවක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි දොළහයි දශම පහක් ලබා ගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG