Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ බස් අනතුරකින් 33 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වු අනතුරකින්  පුද්ගලයින් තිස්තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සේවකයින්  පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ සේවකයින් තිස්හතර දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් දිවි බේරා ගත් එක් අයෙකු බරපතළ තත්ත්වයේ පසුවන අතර අනෙක් පුද්ගලයා සුළු තුවාල ලබා තිබෙනවා. බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මෙම මාර්ගය ඉන්දියාවේ ඇති අනතුරුදායකම මාර්ගයන් අතරින් එකක් බව සැලකෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG