
ඉන්දියාවේ මහාරාෂ්ට ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන් 447 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලීසිය පවසන්නෙ. විරෝධතාකරුවන් විසුරුවා හැරිමට පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.
පසුව ඔවුන් පොලීසියට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉන් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් තුවාල ලබා තිබෙනවා. විරෝධතාකරුවන් රථවාහන කිහිපයකට ද අලාභහානි කර ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.
Post a Comment