Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලංගොඩ දරුවාගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ වෙනතකට  

Add comments

බලංගොඩ සමනල වත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ දරුවා සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් ස්ථාන හතරක් ඒ සදහා එක්ව සිටිනවා. බලංගොඩ  සමනලවත්ත ප්‍රදේශයේ ඝන කැලෑවකයි මෙම දස හැවිරිදි දරුවා අතුරුදන් වූයේ. දර සෙවීම සදහා කැලයට ගිය සිය පියා සෙවීමට දරුවා ගොස් තිබූ අතර පසුව දරුවා පිළිබද තොරතුරක් වාර්තා වූයේ නැහැ.

ආරක්ෂක අංශ, පොලීසිය හා ගම්වාසීන් ඒකාබද්ධව දරුවා සෙවීම සදහා මෙහෙයුම් සිදු කළද ඔහු සොයා ගැනීමට හැකිවුණේ නැහැ.  දරුවා  පැහැර ගැනීමකට ලක් වූයේ ද යන්න පිළිබදවද මේ වන විට සැක මතුව තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් විමර්ශන ක්‍රියාත්මක කරනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG