Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරාදෙණිය සරසවිය මාස දෙකකට වැසේ  

Add comments

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. විශ්වවිද්‍යාලය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් විශ්වවිද්‍යාලයීය පාලක සභාව මෙම තීරණයට එළඹ තිබෙන බවයි උපකුලපතිවරයා පවසන්නේ.

පැමිණීම සියයට අසූව සම්පුර්ණ නොවූ ඉංජිනේරු පීඨ සිසුන් පිරිසකට විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදිම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පසුගිය දින කිහිපය තුළම පාලනාධිකාරිය සහ සිසුන් අතර ගැටුම් පැවතුනා. ඒ හේතුවෙනුයි විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇත්තේ. මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන් සදහා අද සිට දෙමසක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු හයට පෙර සිය නේවාසිකාගාරවලින් හා විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස සියලුම සිසුන්ට දන්වා තිබෙනවා. අධ්‍යයන කටයුතු සදහා නැවත විවෘත කරන දිනය යථා කාලයේදී මාධ්‍ය මගින් දැනුම් දෙන බවයි පාලනාධිකාරිය පවසන්නේ. මෙම කාලසීමාව තුළ සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. හදිසි අවශ්‍යතාවකට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීමට අවශ්‍ය නම් ඒ සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය ආරක්ෂක නිලධාරී හෝ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ අවසරය ලබා ගත යුතු බවයි උපකුලපතිවරයා සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG