Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලතුරු ගොවීන් රැකගැනීමට වැඩසටහන් රැසක්  

Add comments

දේශීය පලතුරු ගොවියා රැකගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා .ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක්වුණා.

දේශීය පලතුරු ගොවියා නඟාසිටුවීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ව්‍යවසායකයන් වශයෙන් ඔවුන්ට සිය කර්මාන්ත ඉදිරියට පත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

රසයෙන්,ගුණයෙන් ඉහළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවන දේශීය පලතුරු පරිභෝජනය පිළිබඳ ජනතාව නැඹුරු කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පැහැදිළි කළා.

අස්වනු නෙළන සමයේ  දී වැඩිපුර ලැබෙන අස්වැන්න කල්තබා ගැනීම සඳහා විකල්ප තාක්ෂණික ක‍්‍රමවේද පලතුරු ගොවින්ට හඳුන්වාදීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නා.

සතුන්ගෙන් වගාව සඳහා සිදුවන හානි අවමකර ගැනීම සඳහා ගතහැකි පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එන්. රංජිත් අශෝක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඞී. විජේරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG