Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කප්පම්කාරියකට වැඩ වරදී  

Add comments

කප්පම් වශයෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවක එම මුදල් ලබා ගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය සමත්වුණා.

ව්‍යාපාරිකයකුට මරණ තර්ජන සිදු කරමින් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කළා. පොලීසියේ උපදෙස් මත කප්පම් මුදලින් රුපියල් පනස්දහසක මුදලක්  ලබා දෙන අවස්ථාවේදී අදාළ කප්පම්කාරිය මුදල්ද සමග බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 32 ක් වූ සැකකාරිනිය බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඇය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG