Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලංගොඩ දරුවා ගැන තොරතුරු දෙන්න දුරකථන අංක දෙකක්  

Add comments

බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන් දරුවා පිළිබද තොරතුරු දැනුම් දීම සදහා බලංගොඩ පොලීසිය දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. බලංගොඩ පොලිස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික දුරකථන අංකය වන 0718 591 388  හා පොලිස්ථානාධිපතිවරයාගේ කාර්යාලීය දුරකථන අංකය වන 0452 287 422 යන අංක මෙසේ හදුන්වාදී තිබෙනවා. දරුවා පිලිබද යම් තොරතුරක් වෙතොත් එම අංකවලට අදාළ තොරතුරු ලබා දිය හැකි බවයි බලංගොඩ පොලීසිය පවසන්නේ.

බලංගොඩ සමනල වත්ත ප්‍රදේශයේදී මෙම දරුවා අතුරුදන්වුයේ මීට සතියකට පමණ පෙරයි. දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණද මෙතෙක් ඒ පිලිබද කිසිදු තොරතුරක් ලැබි නැහැ.  පොලිස් ස්ථාන 04 ක් ඒකාබද්ධ කරමින් දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කළ බවයි බලංගොඩ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG