Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මව්බිමේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට හදුන්වා දෙන බව ජනපති කියයි  

Add comments

අභිමානවත් සංස්කෘතියේ වටිනා දායද තවදුරටත් පුබුදු කරමින් මව්බිමේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට හදුන්වා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා රචනා කළ මහා සූපවංශය කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ.‍ පබ්ලිස් සිල්වා මහතාගේ හැට එක් වසරක අත්දැකිම් සහ සූප ශාස්ත්‍රය පිලිබද සිදු කළ පර්යේෂණ ඇසුරින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා.

සිංහල බසින් රචනා කළ මහාසූපවංශය කෘතිය පසුගිය වසරේ ජනගත කෙරුණේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම වටිනා ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඒ ඔස්සේ දේශිය ආහාර වට්ටෝරු ජාත්‍යන්තරය වෙත ගෙන යාමට ජනාධිපතිතුමා එහිදි සිදු කළ ආරාධනයකට අනුවයි මෙම කෘතිය ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරිමට කටයුතු කෙරුණේ. ඒ සදහා අවශ්‍ය අනුග්‍රහයද හිමි වුණේ ජනාධිපතිතුමන්ගේ මැදිහත් විමෙන්. මාතෘ භූමියේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට හදුන්වාදිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදි ප්‍රකාශ කළා. මහසංඝරත්නය, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG