Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අධිකරණයෙන් මරණ දඬුවම  

Add comments

හෙරොයින් ග්‍රෑම් 20 කට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී 2013 වසරේ මෙම වරද සිදුකර ඇති බවට චෝදනා කරමින් සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. ඒ වේවැලගේ ප්‍රසන්න සහ අමිත් ප්‍රසන්න යන අයට එරෙහිවයි. චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත් වූ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව නියෝගය ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රකාශ කළා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 74 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකාරියක අත්අඩංගුවට ගැනීමට කොහුවල පොලීසිය සමත්වුණා. දෙහිවල වනරතන පාරේ නිවසක හෙරොයින් ජාවාරමක් සිදුකරගෙන යන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදුකෙරුණේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වන බව පොලීසිය පවසනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG