Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කීත් නොයාර් පැහැර ගැනිම සහ ලසන්ත ඝාතන පරීක්ෂණ පුළුල් කෙරේ  

Add comments

රාජපක්ෂ පාලන සමයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණ වීම සහ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පුළුල් කර තිබෙනවා. ඒ අනුව කීත් නොයාර් මහතාගේ සහ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණියගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන නිලධාරීන් ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියා. විමර්ශන නිලධාරින් වන සහකාර පොලිස් අධිකාරි බී එස් තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්වරුන් මෙල්බර්න් නුවරට ළඟාවුණා. ඒ අනුව ප‍්‍රකාශ ලබාගැනීමත් සමඟ විමර්ශන කටයුතු තවදුරටත් කඩිනම් කිරිමයි අපේක්ෂාව.

සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනිමට කීත් නොයාර් මහතා මෙරටට කැඳවා තිබුනද ඔහු නොපැමිණීම හේතුවෙන් පොලීසිය මෙම තීරණය ගත්තා. කීත් නොයාර් මහතා බරපතල තුවාල ලැබුවේ පසුගිය රජය සමයේ අමානුෂික ලෙස පහරදීම හේතුවෙන්. ඒ පසුගිය රජයේ දූෂණ අක‍්‍රමිකතාවන්ට එරෙහිව මාධ්‍ය මෙහෙවරෙහි නිරතවීම හේතුවෙන්. එමෙන්ම පසුගිය රජයේ වංචා පිළිබද හෙළිකල සන්ඩේලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ද රාජපක්ෂ පාලන සමයේදි ජීවිතක්ෂයට පත්වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG