Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහවැලියේ වැලි ජාවාරම්කරුවන් කොටු වෙයි  

Add comments

මහවැලිගඟේ වැලි ගොඩදැමීම තහනම් කර ඇති සංවේදී කලාපයක ඉතා සූක්‍ෂම අයුරින් වැලි ගොඩදැමූ සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මහියංගනය පොලීසිය සමත්වුණා. මහවැලි පාලමේ ආරක්‍ෂව සඳහා සංවේදී කලාපයක් නම්කර තිබෙනවා. එහි වැලි ගොඩදැමීම සපුරා තහනම්. එසේ වුව ද කිසියම් පිරිසක් රාත්‍රී කාලයේ හොර රහසේ එම ස්ථානයේ වැලි ගොඩදැමීමේ නිරත වනවා. පොලීසිය කළ වැටලීමකදී එම නීති විරෝධී කටයුතුවල නිරතව සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවන් 4 දෙනෙකු පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ට්‍රැක්ටර් රථ ඉතා සූක්‍ෂම අයුරින් මහවැලි ගඟට යොමුකර කලක් පුරා ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. එමෙන්ම ගොඩදැමූ වැලි අසල පිහිටි තාප්පයකින් හා ගේට්ටුවකින් වට වූ නිවසක සඟවා තබා ගනිමින් ජාවාරම සිදුකර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG