
අද(28) රාත්‍රියේ හෝ හෙට (29) අලුයම වන විට ජොන්දාරි සුළි කුණාටුව හොන්ෂු දිවයිනෙන් ජපානයට ඇතුලු විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා. එහෙත් මීට පෙර අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණේ අද(28) පෙරවරුවේ පමණ සුළිකුණාටුව ජපානයට ඇතුළු විය හැකි බවටයි. මෙම තත්ත්වය සමග ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීමට ද බලධාරීන් පියවර ගත්තා.
සුළි කුණාටු තත්ත්වය මේ වනවිට ටෝකියෝ නුවරට කිලෝමීටර 200 ක් පමණ දකුණු දෙසින් පවතින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර 180 ක් පමණ විය හැකි බව ද සඳහන්. මේ සමග තද වැසි, නාය යාම්, මුහුදු රළ ප්‍රචණ්ඩවීම් ද වාර්තා විය හැකි බව කාලගුණ අංශ පවසනවා. මේ වන විටත් බොහෝ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම මස මුලදී ජපානයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 220 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එසේම පසුගියදා පැවති පැවති උෂ්ණ අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව හැටපහක්.
Post a Comment