Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැමිස් ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ සූදානමක්  

Add comments

බදු වංචා අවම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැමිස් ව්‍යාපෘතිය ආරම්භ කළ ද වංචාවට හුරු වූ පසුගිය රජයේ හිතවතුන් කිහිප දෙනෙකු මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවට තොරතුරු හෙළිවෙමින් පවතිනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය නවීකරණය සඳහා සිංගප්පූරු රජයේ අනුග්‍රහය ඇතිව රැමිස් ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ සඳහා රජය රුපියල් බිලියන 5 කට ආසන්න මුදලක් වැය කරනවා. මෙපමණ මුදලක් වැය කරමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කළේ විධිමත් බදු පරිපාලනයක් ඇති කිරීමට හා බදු වංචා අවම කර ගැනීම සඳහායි. එහෙත් මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු ඇති බව ප්‍රකාශ කරමින් ඇතැමුන් එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරනවා. පසුගිය රජයේ වංචාවන්ට සම්බන්ධ අමාත්‍යවරයෙකුගේ හිතවතෙකු මෙම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස ක්‍රියා කරමින් පසුගිය 24 වනදා විරෝධතාවක් කැඳවා තිබුණා.

එහෙත් ඊට පෙර දින වෘත්තීය සමිතිවල ගැටලු සඳහා විසඳුම් ලබා දී තිබියදීත් මෙම විරෝධතාව පැවැත්වීමේ දේශපාලන අරමුණ තවත් පැහැදිලි වනවා. එමෙන්ම රාජපක්‍ෂ පාලනය සමග සබඳතා පැවැත්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තවත් වෘත්තීය සමිතියක් විරෝධතා දක්වමින් රැමිස් ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරනවා. මොවුන් උත්සාහ කරන්නේ බදු ගණනයට අදාළ සියලු කටයුතු එක් නිලධාරියෙකු හරහා පමණක් සිදු කළ යුතු බවයි. එහෙත් රැමිස් පද්ධතිය හරහා වෙන වෙනම අංශ දෙකකට යොමුකර එම කටයුතු සිදු කිරීමෙන් බදු වංචා අවම වනවා. ඒ අනුව ද ඔවුන්ගේ උත්සාහය පැහැදිලියි. දේශීය ආදායම් නිලධාරීන් නොවන පාර්ශ්වයක් යොදවා එම රාජකාරි සිදුකරවා ගැනීමට මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වන පිරිස උත්සාහ දරනවා. ඒ තුළ ද  ඇත්තේ බදු වංචාව සඳහා ඉඩකඩ සලසා ගැනීමයි. රැමිස් ව්‍යාපෘතියට විරෝධය දක්වන පිරිස ඒ සඳහා අනුගමනය කර ඇත්තේ ද තවත් වංචාකාරී පිළිවෙතක්.

එනම් දින 3 ක් පැවති විරෝධතාවේදී උදෑසන සේවයට පැමිණි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ විරෝධතාකරුවන් ඇඟිලි සලකුණු නියමිත වේලාවට සටහන් කර රාජකාරි සිදුනොකර පසුව පිටව යන වේලාවේදී යළි ඇඟිලි සලකුණු තබා සේවා ස්ථානයෙන් බැහැරව ගොස් තිබෙනවා. නිවාඩු දැමීමකින් තොරව ලැබෙන විශේෂ දිරි දීමනාව අඩුවකින් තොරව ලබා ගැනීම සඳහා අනුගමනය කළ මෙම අපූරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ද වංචනිකයන්ගේ ස්වභාවය පැහැදිලි වනවා. එහෙත් දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති වාහන භාවිත කරමින් ඔවුන් සේවයට පැමිණ නියමිත වේලාවෙන් පසු එම වාහනවලින්ම පිටව ගොස් තිබෙනවා. වංචනිකයන් එසේ ක්‍රියා කළ ද ආයතනය පිළිබඳ හැඟිමක් ඇති බොහෝ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සඳහා අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවයි ප්‍රකාශ කරන්නේ.

මහින්ද ගුණවීර-හිටපු සභාපති-දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG