Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලියෙක් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට  

Add comments

වන අලියෙක් පහරදීම හේතුවෙන් හැටදෙහැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ පදිංචි එල්.එම්. දිසානායක නමැති පුද්ගලයෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. දෙදරු පියෙකු වන ඔහු සිවිල් ආරක්ෂක බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක්ද වනවා. තම ගෙවත්ත අසල පැතිරෙමින් තිබූ ගින්නක් නිවා දැමීමට යාමේදීයි මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ. වැලිකන්ද ප්‍රදේශයේ ඉදිකර තිබෙන විදුලි වැටවල් අක්‍රීයවීම නිසා ‍ වන අලි නිරන්තරයෙන් ගම්මානවලට පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG