Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්. පී. විනීතා දමයන්ති සිසුවියට ජනපති අතින් කෘතිම අතක්  

Add comments

උපතින්ම අතක් අහිමි එන් පී විනීතා දමයන්ති සිසුවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෘත්‍රිම අතක් ප්‍රදානය කළා. එම සිසුවිය ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම ප්‍රදානය සිදුකළේ.

විනීතා දමයන්ති සිසුවිය සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ දස වන වසරේ ඉගෙනුම ලබනවා. ඇය වෙත කෘත්‍රිම අත ලබාදීම ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිරිපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මෙම දැරිය ජනාධිපතිතුමා හමුවෙමින් ඉල්ලා සිටියේ තමන්ට කෘත්‍රිම අතක් ලබාගැනීමට සහාය ලබාදෙන ලෙසයි. එම දැරියට සුදුසු කෘත්‍රිම අතක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස ජනාධිපතිතුමා එම අවස්ථාවේදීම නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ අනුව යුද හමුදාපතිවරයාට කළ දැනුම්දීමට අනුව යුද හමුදාවේ සෘජු කාරක හා අංගාදේශක කාර්මිකාගාරයේ මෙම කෘත්‍රිම අත නිෂ්පාදනය කෙරුණා. ඒ සදහා වැයවූ රුපියල් ලක්ෂ දෙකක මුදල ලබාදුන්නේ ජනාධිපති අරමුදලයි.

උපතින්ම උරහිස් ඇටය නොපිහිටීම හේතුවෙන් අතක් අහිමිව දිගු කලක් තිස්සේ පීඩා විඳි විනීතා දමයන්තිට ඉදිරි අනාගතය ආලෝකවත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමා ලබාදුන් සහායට ඇයගේ දෙමව්පියන් කෘතවේදීත්වය පළකළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG