Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාන් ඔය ජලයෝජනා ක්‍රමය ලබන වසරේ ජනතා අයිතියට  

Add comments

මෙරට වාරි තාක්ෂණයේ තවත් විස්මිත ව්‍යාපෘතියක් වන යාන් ඔය ජලයෝජනා ක්‍රමය ලබන වසරේ ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි. යාන් ඔය ජලාශය ඉදි කෙරෙන්නේ යකිනිකන්ද ,වෙහෙරබැදි කන්ද ,ගල්බුද්දා කන්ද ,ලබු කන්ද සහ මල්ලැව කන්ද යන කදු පන්ති පහ යා කරමින්. මේ සදහා වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් රුපියල් මිලියන 150 ක් පමණ වනවා. යාන් ඔය ජලාශය මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානිය ජල අවශ්‍යතාව සම්පුර්ණ කෙරෙන බව යාන්ඔය ව්‍යාපෘතිය භාරව නේවාසික ඉංජිනේරු ප්‍රගීත් වැලිවිට මහතා පවසනවා.

මෙහි වම් ඉවුරු ඇළ මගින් වගාබිම් හෙක්ටයාර් හාරදහස් එකසිය අනූවක් වගා කිරිමට නියමිතයි. ඇළ මාර්ගයේ දිග කිලෝමිටර විසි දෙකක් වනවා. දකුණු ඉවුර ඇළ යටතේ වගාබිම් හෙක්ටයාර එක්දහස් අටසිය දොලහක් වගා කරන අතර දකුණු ඇළ මාර්ගයේ දිග කිලෝමිටර 14 ක් බවයි ප්‍රගීත් වැලිවිට මහතා පවසන්නේ.

ප්‍රගීත් වැලිවිට – නේවාසික ඉංජිනේරු යාන්ඔය ජල යෝජනා ක්‍රමය,

මෙම ව්‍යාපෘතිය යටතේ  අලුතින් කුඹුරු අක්කර හෙක්ටයාර හාරදහසක් වගා කිරිමට නියමිතයි. යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරිමේ කටයුතු මේ වන විට සිදු කර තිබෙනවා. ඒ සදහා නව ගම්මාන 02 ක් ඉදි කර ඇති අතර එම ගම්මානවල විදුලිය, පානිය ජලය,මාර්ග ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීම මේ වන විටත් සිදු වනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG