Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව මැතිවරණයක් ඉල්ලා ඉම්රාන්ගේ විරුද්ධවාදින්ගෙන් විරෝධතාවක්  

Add comments

ඉම්රාන් ඛාන්ගේ ප‍්‍රතිවාදි පක්ෂ පාකිස්ථාන මහ මැතිවරණ ප‍්‍රතිඑලය ප‍්‍රතික්ෂේප කරනවා. නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය , බෙනාසීර් බූතෝගේ පුත‍්‍රයා වන බිල්වාල්ගේ නායක්තවයෙන් යුත් පාකිස්ථාන මහජන පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක ඉහල පෙළේ නායක සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදි මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය පාර්ලිමේන්තුව වර්ජනය කිරිමට ද තීරණය කළා. නව මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්විමටත් පක්ෂ නායකයන් තීරණය කර ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේ. මේ අතර සන්ධාන රජයක් පිහිටුවීම සදහා මේ වන විටත් සුළු පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කරනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG