Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ කළාප පහකට පැය හයක් විදුලිය විසන්ධි කෙරේ  

Add comments

කොළඹ කළාප පහකට අද (28) පෙරවරු 9.00 සිට විදුලිය විසන්ධි කෙරෙනවා. පස්වරු 3.00 දක්වා පැය හයක කාලයක් විදුලිය විසන්ධි කරන බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ. කොළඹ නගරයේ කිලෝ වොට් 132 පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙන් විදුලිය විසන්ධි කරන බවයි ඔහු පෙන්වා දුන්නෙ.

අඛණ්ඩ සහ ගුණාත්මක භාවයෙන් විදුලි සේවයක් සැපයිම තුලින් පාරිභෝගික ජනතාව තුළ විශ්වසනියත්වය තහවුරු කිරිම සදහා පද්ධතිය වැඩිදියුණු කිරිමේ කි‍්‍රයාවලිය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබදව විදුලිබල අමාත්‍යාංශය සිය කණගාටුව ප‍්‍රකාශ කර සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG