
චීනයේ නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති ධාරණිපාත වර්ෂාව හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.ධාරාණිපාත වර්ෂාවත් සමග චීනයේ දෙවන දිගම ගංගාව ලෙස සැලකෙන කහගඟ ද පිටාර ගැලීමේ අවධානමකට ලක්ව තිබෙනවා.
පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති අතර සිචුවාන් පළාතේ පුද්ගලයින් 9000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ජලගැලීම් හේතුවෙන් විවිධ ප්‍රදේශවල සිරවී සිටින ජනතාව බේරාගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. දුම්රිය සහ අධිවේගී මාර්ගවල වාහන ගමනා ගමනයටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන්නේ.
Post a Comment