Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථානයේ මහ මැතිවරණයට දැඩි ආරක්ෂක විධිවිධාන  

Add comments

පාකිස්ථාන මහ මැතිවරණය අද (25) පැවැත්වෙනවා. ඡන්දය ප‍්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස මිලියන 106ක්. ආසන 342ක් සඳහා නියෝජිතයන් තෝරා ගැනිමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජයග‍්‍රණය සඳහා ලබාගත යුතු ආසන සංඛ්‍යාව 172ක්. මැතිවරණයේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය හා හිටපු අග‍්‍රාමාත්‍ය නවාෆ් ශරිෆ්ගේ පක්ෂය අතර තියුණු තරඟයක් පැවතිය හැකි බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. ඉන් ඉම්රාන් ඛාන්ට වැඩි වාසි අත්විය හැකි බවත් ඔවුන් ප‍්‍රකාශ කළා. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

රටපුරා යොදවා ඇති සෙබලුන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ එක් දහසක්. පාකිස්ථානයේ මැතිවරණ රැළිවලට පසුගිය කාලයේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වුණා. ඒවා වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ පවසන්නේ. මැතිවරණය සඳහා අපේක්ෂිකාවන් 171 දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා. 1947 සිට 2018 දක්වා කාලය තුළ පාකිස්ථානය සිවිල් නායකයන් හතර දෙනෙකු සහ හමුදා නිලධාරින් හතර දෙනෙකු පාලනය කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG