
මධ්‍යම බෙයිජිං ආසන්නයේ පිහිටි ඇමරිකා තානාපති කාර්යාලය අසලදී පිපිරිමක් සිදුව තිබෙනවා. ප‍්‍රදේශය අවට දැඩි දුමාරයක් පවතින බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. චීන රජය ද එම සිද්ධිය තහවුරු කළා. එභෙත් සිදුව ඇති හානි පිලිබද තොරතුරු තවමත් වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. තානාපති කාර්යාලය අසලදී ගිනි තබාගැනීමට උත්සාහ කළ කාන්තාවක් ඉවත්කිරිමට ආරක්ෂක අංශ කටයුතු කළ පුවතක් මීට පැය කිහිපයකට පෙර චීන මාධ්‍ය වාර්තාකළා. එභෙත් සිද්ධි දෙක අතර සම්බන්ධයක් ඇත්ද යන්න පිලිබදව මෙතෙක් තහවුරු වී නැහැ.
Post a Comment