
නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානි දායක පොලිතින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකරන ලද හදිසි වැටලීමකදීයි.
පාරිභෝගික සේවා අධිකාරිය, පරිසර පොලිස් ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධවයි මෙම වැටලීම සිදුකළේ. ආහාර එතීම සදහා භාවිත කරන රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා දවටන මෙහිදී අත්අඩංගුවට ගැනුනා. වසර තුනක කාලයක් තිස්සේ මෙම ස්තානයේ නීති විරෝධී පොලිතින් නිෂ්පාදනය සිදු කර ඇති බවයි හෙළිවුණේ. අදාළ සැකකරුට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළා.
Post a Comment