
නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා ජාතික ධජ සමාන ස්වරූපයක් ගැනීම සම්බන්ධයෙන් මතභේදයක් ඇතිව තිබෙනවා.
නවසීලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මෙහිදී චෝදනා එල්ලකරන්නේ ඕස්ට්‍රේලියාවටයි. ඕස්ට්‍රේලියාව තමන්ට අනන්‍ය ධජයක් වහා නිර්මාණය කර ගත යුතු බව ඔහු කියා සිටිනවා. වැඩි ඉතිහාසයක් ඇත්තේ නවසීලන්ත ජාතික ධජයට බවයි වින්ස්ටන් පීටර්ස් මහතා පවසන්නේ. නවසීලන්ත ධජය 1902 වසරේ දී සම්මත වූ අතර ඕස්ට්‍රේලියා ධජය පිළිගෙන ඇත්තේ 1954 වසරේදීයි.
Post a Comment