Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිරසර සංවර්ධනයට බරසාර සූදානමක්  

Add comments

ඉදිරි මාස දහඅටේදී කෙටි කාලීන සංවර්ධනයක් මෙන්ම ජනතාවගේ අත මිට සරුවන  ආර්ථිකයක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ වතු ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්  අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාව සදහා ඔවුන් ජීවත් වන ඉඩමේ සින්නක්කර අයිතිය පිළිබද හරිත භූමි ඔප්පු ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රදානය කළ  ඔප්පු සංඛ්‍යාව 300 ක් පමණ වනවා. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මෙම ඉඩම් වතු ජනතාව වෙත ප්‍රදානය කිරීමේ වැඩසටහනට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

දීර්ඝ කාලයක් පුරා පැවති බලාපොරොත්තුවක් ඉටු කරමින් තමන්ට ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව රජයට සිය ස්තූතිය පළ කළේ මේ අයුරින්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG