Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුපිරි ඩීසල් හා Octane 95, තැන ගන්න Euro 4 එයි  

Add comments

ඛණිජතෙල් අමාත්‍යාංශය යූරෝ 4 නමින් නව ඉන්ධන වර්ගයක් අද වෙළදපලට හදුන්වා දුන්නා.  පරිසර දූෂණය අවම වන පරිදි මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති බවයි ඛණිජ තෙල් අමාත්‍යාංශය පවසන්නේ.

ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අරජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හලකදී මෙම උත්සවය පැවැත්වුණා. දැනට වෙළඳපොලේ පවතින  ඔක්ටේන් 95 ප්‍රෙටල් ලීටරයක මිල රුපියල් 148 ක්.  සුපර් ඩිසල් ලීටරයක පවතින මිල රුපියල් 119 ක්. අලුතින් හදුන්වාදෙන යුරෝ 4  පෙට්‍රල්  ලීටරයක්ද රුපියල් 148 ක් වන අතර සහ යුරෝ 4  ඩීසල් ලීටරයක් රුපියල් 119 ක්ද වනවා. මේ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිළගණන් යටතේම යුරෝ 4 නව ඉන්ධන කාණ්ඩයද  මිළදීගත හැකියි.

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී යූරෝ 05  සහ යූරෝ 06 වර්ගයේ ඉන්ධන කාණ්ඩද  මෙරටට හදුන්වාදීම පිළිබද රජයේ අවධානය යොමුවී ඇති බවයි.

අමාත්‍ය අර්ජුණ රණතුංග,

ලංකා ඛණිජ තෙල්  නීතිගත සංස්ථාව,  ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමට ලබන බදාදා සිට ඉන්ධන සැපයීම නතර කරන බවට පල වි තීබූ මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කලා. ඒ  අමාත්‍යවරයා වේයන්ගොඩ දඩගමුව පුරාණ විහාරස්ථානයේ ආගමික උත්සවයකට  අද උදෑසන සහභාගී වූ අවස්ථාවේදීයී.

අමාත්‍ය අර්ජුන රණතුංග,

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG